නියම බ්‍රහ්මණයා යනු
කවරෙක්දැයි කියාදෙන පරිජේදය.
(බ්‍රහ්මණයෙක්
කියන්නෙ කුලයෙන් උසස්ම තැනැත්තා කියල තමයි බුදු හාමුදුරැවො වැඩ හිටිය කාලෙදී
ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කළේ. ඒත් කුලයෙන් උසස් වුනාට බ්‍රහ්මණයෙක් වෙන්නෙ නැති
බව බුදු හාමුදුරැවො දේශනා කළා. ඒ දේශනාවෙන් තමයි මේ බ්‍රහ්මණ වර්ගයෙ දැක්වෙන්නෙ.)
බමුණ.. තණ්හාව කියන්නෙ ගලාගෙන යන දිය පහරක්.ඒදිය පහර නවත්වන්න. ආශාව, ඇලීම දුරැකරගන්න. මේ ලෝකෙ හැම දෙයක්ම ඇතිවෙලා නැතිවෙලා යන බව තේරැම් ගන්න.නැති
නොවෙන, විනාශ නොවෙන
එකම දෙය නිවන පමණක් බව අවබෝධ කරගන්න.එහෙම අවබෝධ කරගෙන සිත දියුණු කරගන්න.
හැමදෙයක්ම ණුවනින්ම දකින්න.එතකොට ඔබට ලෝක සත්‍ය පැහැදිලිව තේරැම් අරගෙන මේ සසර
දුකින් මිදෙන්න හැකි වේවි.
යම්
කෙනෙක් ඇස, කණ, නාසය, දිව, ශරීරය
පිනවන්න කටයුතු කරන්නේ නැත්නම් රෑප, ශබ්ද, ගද, සුවද, රස, පහස
තුලින් හිතේ ආශාව වැඩිකරගන්නෙ නැත්නම් මේ කාරණා දෙකෙන්ම බැහැර වෙලා ඉන්නවනං,
ඒ කෙලෙස් වලින් තොරවුණ පුද්ගලයාට තමයි මම සැබෑ බ්‍රහ්මණයා
කියල කියල කියන්නෙ.
හිත දියුණු කරගත්ත,ලාමක අශාවන්ගෙන් දුරැවෙච්ච,හුදකලාව වාසය කරන,අකුසල් සිතිවිලි සහමුලින්ම දුරැකළ,යළි ඉපදීමට හේතුවන සියලු කාරණා වලින් දුරැ වූ, නිවන අවබෝධ කරගත්ත තැනැත්තාට තමයි මම නියම බ්‍රහ්මනයා කියලා කියලා
කියන්නෙ.
හිරැ
දවාලේ දිලෙනවා,සදු රාත්‍රියට
දිලෙනවා. රජවරැ රජ ඇදුමින් සැරසුනාම දිලෙනවා.බ්‍රහ්මණයන් හිත දියුණු කරලා ධ්‍යාන
ලැබුවම දිලෙනව.ඒත්, බුදු
හාමුදුරැවො හැමදාම දිලෙනවා. ඒ තරම් උන්වහන්සේ උත්තරීතරයි.
බ්‍රහ්මණයෙක් කියන්නෙ පව් නොකරන කෙනාට. ශ්‍රමණයෙක් කියන්නෙ යහපත් ජීවිතයක්
ගත කරන කෙනාට. පැවිද්දෙක් කියන්නෙ සසර ඉපදීමට හේතුවෙන කාරණා,එහෙමත් නැත්නම් කෙලෙස් දුරැකරන කෙනාට.
පව් නොකරන, හිත
දියුණු කරගත්ත කෙනෙකුට කවදාවත් හිංසාවක්, පීඩාවක්
කරන්න එපා.ඒ වගේම එහෙම හිංසාවක්, පීඩාවක් තමන්ට
වුණ පලියට හිත දියුණු කර ගත්ත කෙනෙක් කවදාවත් ඒ වරද කරපු අයට ද්වේෂ කරන්න, වෛර
කරන්න එපා.
හිත
දියුණු කරගත්ත අයට හිංසා, පීඩා කරන
අයට නින්දා විදින්න සිද්ධ වෙනවා.හැබැයි හිත දියුණු කරගත්ත කියල කියන කෙනෙක් වැරදි
කාරයන් ගැන කිපිල,ද්වේශයෙන්
වැඩ කරන්නට ගියොත්,ඒ
තැනැත්තා ඊටත් වඩා නින්දාවට අපහාසයට පත්වෙනවා.
තමන්ට ගහන, බනින,හිංසා පීඩා කරන කෙනෙකුට එකට එක නොකර ඉන්න එක නියම බ්‍රහ්මණයෙක් ළග තියෙන
උතුම් ගතිගුණයක්. මොන විදියකින් හරි
ද්වේශය,වෛරය,ක්‍රෝධය හිතෙන් අයින් කරන්න පුළුවන්නම්
හිතේ දුක නැතිකර ගන්න තියෙන හොදම ක්‍රමය තමයි ඒ.
යම්
කෙනෙක් කරන,කියන, හිතන
කිසිම දෙයක් නරක,වැරදි
දේවල් නොවෙයිනම් අන්න ඒ යහපත් තැනැත්තාට නියම බ්‍රහ්මණයෙක් කියලා කියන්න පුලුවන්.



No comments:
Post a Comment